ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර: විකල්ප මාර්ග ගැන පොලිසිය නිකුත් කළ උපදෙස් මෙන්න 1

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර ‍හෙට (31) හා පෙබරවාරී 02 ‌දෙදින පස්වරු 06.30 සිට වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහර ගමන් ගන්නා කාලය තුල ගන්නා මාර්ගයේ හා අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක බැවින් ගමන් පහසුව සලසාගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතාකරන මෙන් ඉල්ලා පොලිස් මාධ්‍ය කොට්ඨාශය මහජනතාවට සහ රියැදුරන්ට දැනුම් දෙයි.
01. පෙරහර පෙළගැස්වීම.
 රාමනායක මාවත, පාර්ක් වීදිය, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා.
02. පෙරහර ගමන් ගන්නා මාර්ගය.
 ජිනරතන මාවත විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කර ජිනරතන මාවත හුණුපිටිය වැව පාර හන්දියෙන් වමට හැරී හුණුපිටිය වැව පාර ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාර ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත හන්දියෙන් දකුණට හැරී ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත ඔස්සේ ගමන් කර ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත සර් ජේම්ස් පීරිස් මාවත හන්දියෙන් දකුණට හැරී, සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ ගමන් කර සර් ජේම්ස් පීරිස් මාවත අල්ට්රෙයාර් ඇවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ට්රෙයාර් ඇවනියුව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් හන්දිය ඔස්සේ, බේබෲක් පෙදෙස ඔස්සේ ගමන් කර බේබෲක් වටරවුමෙන් දකුණට හැරී, ජිනරතන මාවත ඔස්සේ විහාරස්ථානය ඉදිරිපිටින් විහාරස්ථානය දක්වා.
03. පෙරහර පෙළගැසෙන අවස්ථාවේ ගමනාගමනය සීමා කරන මාර්ගයන්
 ඩබ්.ඒ.ඩි. රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය
 ධර්මපාල මාවත, පාර්ක් විදිය හන්දිය
 කොල්වින් ආර් ද සිල්වා මාවත ( යුනියන් පෙදෙස ) හයිඩ් පාර්ක් නෝනර් හන්දිය
04. පෙරහර විථි සංචාරය කරන අවස්ථාවේ සීමා කරනු ලබන මාර්ගයන්
 බේබෲක් වට රවුමෙන් ජිනරතන මාවතට ඇතුළු වීම.
 සර් ජේම්ස් පීරිස් මාවත, ජිනරථන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුළු වීම.
 හුණුපිටිය වැව පාර ඩබ්.ඒ.ඩි. රාමනායක මාවත හන්දියෙන් ඩබ්.ඒ.ඩි. රාමනායක මාවතට සහ හුණුපිටිය වැව පාර දෙසට ඇතුළු වීම.
 ඩබ්.ඒ.ඩි. රාමනායක මාවත සර්. ජේම්ස් පීරිස් මාවත හන්දිය
 පිත්තල හන්දියෙන් සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වීම.
 බොයිඩ් පෙදෙසින්, සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීම.
 පෙරහර මාවත අල්විස් පෙදෙස හන්දියෙන් සර්. ජේම්ස් පීරිස් මාවත දෙසට ඇතුළු වීම.
 කොම්පඤ්ඤවිදීය හංදියෙන් සර්. ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වීම ( නවම් මාවත හන්දිය දක්වා පදිංචිකරුවන්ට හා ආයතන වලට හැර
 සර්. ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දියෙන් පිත්තල හන්දිය දෙසට ඇතුළු වීම.
 ස්ටෙපල් වීදිය, අල්ට්රෙයාර් ඇවනිව් හන්දියෙන් අල්ට්රෙයාර් ඇවනිව් දෙසට ඇතුළු වීම.
 මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදිය දෙසට ඇතුළුවීම.
 ඩෝසන් වීදිය, බේබෲක් පෙදෙස හන්දියෙන් බේබෲක් පෙදෙසට ඇතුළුවීම.
 බේබෲක් වටරවුම දෙසින්, ජිනරතන මාවතට ඇතුළුවීම.
 ලේක් ක්රසන්ට් දෙසින්, ජිනරතන මාවතට ඇතුළුවීම.
 යුනියන් පෙදෙස ස්ටේපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුළුවීම.
 යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුළුවීම.
 පාර්ක් වීදිය, හයිඩ් පාර්ක් කෝනර් හන්දියෙන්, බේබෲක් වටරවුම දෙසට ඇතුළු වීම.
05. සර්.ජේම්ස් පීරිස් මාවත මාර්ගය ගමනාගමනය සීමා කරන අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් භාවිතා කල යුතු විකල්ප මාර්ග
 කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන වලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේද
 සර්. ජෙම්ස් පීරීස් මාවත, නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී උත්රානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වට රවුම දෙසට ගමන් කළ හැක.
 පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහන වලට ධර්මපාල මාවත ඔස්සේ ගමන් කර යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැක.
පෙරහර ගමන් කරනු ලබන සීමාව තුළ පමණක් රථවාහන ගමනා ගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබන අතර අවස්ථානුකූලව පෙරහර වීථී සංචාරය සිදු නොවන සෑම ස්ථානයකින්ම හැකි උපරිම අයුරින් සමාන්ය පරිදි රථ වාහන ගමනාගමනය සඳහා ඉඩ ලබා දෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website