“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විගණකාධිපති ධුරය පිළිබඳවයි” යන ශීර්ෂපාඨය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත 2026 ජනවාරී 04 දිනැති ලිපිය යොමු කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ගෙනයනු ලබන ආර්ථික සංවර්ධන වැඩසටහන පිළිබඳව ද සෘණාත්මක මතවාද සමාජගත කිරීමට ද ඇතැම් පාර්ශ්ව මෙම සිදු වීම යොදා ගනිමින් සිටින බවය.
එමෙන්ම විගණකාධිති ධුරය වැනි රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිද භාවය තහවුරු කිරීමේ වගකීම් සම්භාරයක් පවතින තනතුරක් සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර නිලධාරියෙකු පත් කිරීම යෝග්‍ය නොවන බව ද උන්වහන්සේලා එම ලිපියෙන් දැනුම් දී ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කොට ඇති දැකීම් සපිරි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති තනතුරු සඳහා පත්කිරීම සුදුසු බවත් එය ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන දේශය සමෘද්ධිමත් කිරීමේ ක්‍රියාපිළිවෙතට ද ශක්තියක් වනු ඇති බවත් උන්වහන්සේ එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.












