
2025 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය / Computer literacy මනිනු ලබන්නේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර ජනගහනයෙන් තමන්ටම පරිගණකයක් භාවිතා කළ හැකි ප්‍රතිශතය ලෙස බව ද ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
නාගරික අංශය සියයට 52.1ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය සියයට 36.6ක් සහ වතු අංශය සියයට 18.6ක් ලෙස පරිගණක සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී ඇත.
2025 මුල් භාගයේදී පිරිමින් අතර පරිගණක සාක්ෂරතාවය සියයට 39.9ක් සහ කාන්තාවන් අතර සියයට 37.1ක් විය. වයස අවුරුදු 15 සිට 19 දක්වා තරුණයින් සියලුම වයස් කාණ්ඩ අතර ඉහළම සාක්ෂරතා අනුපාතය සියයට 75.6ක් ලෙස වාර්තා කර ඇත.
උසස් පෙළ සාමාන්‍ය සහතිකය හෝ ඊට වැඩි අධ්‍යාපනය ලැබූ අය පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 78.6ක් ලෙස වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය මනිනු ලබන්නේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර ජනගහනයෙන් තමන්ටම පරිගණකයක් භාවිතා කළ හැකි ප්‍රතිශතය ලෙස ය.















