මූල්‍ය වංචාවන්ගෙන් බේරී සිටීමට පොලිසියෙන් විශේෂ උපදෙස් සහ දුරකථන අංක

අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේතක්ත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේ සිදුවන වංචාවන් රැසක් නිරීක්ෂණ වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මීට අමතරව රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවට ද පවසා විවිධ ගිණුම් වෙත වංවනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවටද පැමිණිලි ලැබී ඇති බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා වී ඇති අතර පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය‌ට පැමිණිලි වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට පොලීසිය වැඩි දුරටත් දැනුම් දෙයි.

  •  Verified badges / official pages පරීක්ෂා කිරීම.
  •  දෙවනි පර්ශවයට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම.
  • සැකසහිත links පරිශීලනය නොකිරීම.
  • විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම.
  • මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාවය සනාථ කර ගැනීම.
  •  වංචාවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කිරීම.

මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

  •  මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 011-2852556
  • ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :-075-3994214
  •  නියෝජ්‍ය අධ්‍යක්ෂ / පරිඝණක අපරාධ විමර්ශන අංශය :-011-2300638
  • පුද්ගලික සහකාර / පරිඝණක අපරාධ විමර්ශන අංශය :-011-2381375
  • ස්ථානාධිපති / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 0112381058

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website