මහවැලි සී කලාපයේ ගොවිජනතාවට හිමිකම්පත් ප්‍රදානය කෙරේ

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් හිමිකම ජාතික වැඩසටහන යටතේ මහවැලි සී කලාපයේ ගොවි ජනතාව වෙත මහවැලි හිමිකම් පත් 1000ක් ලබාදීමේ උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ගිරාඳුරුකෝට්ටේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන මහවැලි කලාප දහය තුළ ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.එසේම මෙතෙක් මෙම ඉඩම්වල ජීවත්වන ගොවිජනතාවට ඉඩමේ අයිතිය තහවුරු කෙරෙන කිසිදු ලියවිල්ලක් ලබා දී නොමැති අතර මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් එම ලියවිලි ලබා දීම සිදු කෙරේ. සිය උරුමයන් අතහැර මහවැලි ඉඩම්වල පදිංචි වීමට පැමිණි ගොවිජනතාව හේතුවෙන් මහවැලි ව්‍යාපාරය බිහිවූ බවත් එසේ පැමිණි ජනතාවට සිය කෘතඥතාවය පළ කරන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website