දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාලවූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා නැවත අද (16) සිට නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ඒ අනූව පුත්තලම මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර පහත පරිදි මගී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇතැයි ශ්රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.
කොළඹ කොටුව සිට පුත්තලම දක්වා
| දුම්රිය අංකය | කොළඹ කොටුවෙන් පිටත්වීම | පුත්තලමට ළගාවීම |
| 3417 | පෙරවරු 11.55 | පස්වරු 15.59 |
| 3427 | පස්වරු 17.18 | පස්වරු 21.05 |
පුත්තලම සිට කොළඹ කොටුව දක්වා
| දුම්රිය අංකය | පුත්තලමෙන් පිටත්වීම | කොළඹ කොටුවට ළගාවීම |
| 3808 | පෙරවරු 04.30 | පෙරවරු 08.15 |
| 3817 | පෙරවරු 09.50 | පස්වරු 14.24 |













