ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අද

ලෝකය ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අද (පෙබරවාරී 15) දිනට යෙදී තිබේ. මෙම දිනය සමරන විට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගැටුම් සහ හදිසි අවස්ථා වලින් පීඩාවට පත් රටවල පිළිකා ඇති දරුවන් මුහුණ දෙන අභියෝග ඉස්මතු කරයි.

ළමා පිළිකා යනු ලොව පුරා ළමුන් අතර මරණයට ප්‍රධානතම හේතුවකි. සෑම වසරකම නව රෝගීන් 400, 000ක් පමණ හඳුනා ගැනේ. ඉහළ ආදායම් ලබන රටවල ළමා පිළිකා රෝගීන්ගේ අවදානම සැලකිය යුතු ලෙස අඩු වී ඇතත්, රෝග විනිශ්චය සේවා, ප්‍රතිකාර සහ සහාය සේවා සඳහා ප්‍රවේශය බොහෝ විට දැඩි ලෙස සීමිත වන අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බොහෝ දරුවන්ට තත්වය තවමත් භයානක බව ලෝක සෞඛ්‍ය සංවිධානය  ජාත්‍යන්තර ළමා පිළිකා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website