SMEs මුහුණ දී සිටින බරපතළ ගැටලු ගැන විපක්ෂ නායක සජිත් රජයේ අවධානය යොමු කරයි

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වසර ගණනාවක සිට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බවත් ඔවුන් වෙනුවෙන් රජය සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පැවසුවත් මේ සහන වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

මේ සහන වැඩසටහන් නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා මෙම ව්‍යවසායකයින් බරපතළ ගැටලු රැසකට මැදි වී සිටින බව ද විපක්ෂ නායකවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මෙම තත්ත්වය හේතුවෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත රැසක් මේ වන විට වැසී යාමේ තර්ජනයකට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා  මෙම ගැටලු සම්බන්ධයෙන් රජය කඩිනම් සහන වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව ද රජයට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website