දිවයිනේ ප්‍රදේශ රැසක තැනින් තැන ප.ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) දින පස්වරු 02.00ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.

ඌව පළාතේත් මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website