කර්මාන්ත අමාත්‍යාංශය අඛණ්ඩව 4 වන වරටත් කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙයි

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කරගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට වගවීම සහ ප්‍රතිළුල ළඟාකර ගැනීමේ දිශානතිය තහවුරු කරගැනීම අරමුණු කර ගනිමින් 2026 වර්ෂය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියළුම ආයතන වල කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ මගපෙන්වීම යටතේ  අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් 28 දෙනෙක් හා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 9 දෙනෙක් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය  සමග  මෙලෙස කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලදී.

මෙලෙස වාර්ෂිකව කාර්ය සාධන ගිවිසුම් වලට එළඹෙන ලංකාවේ එකම අමාත්‍යාංශය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වන අතර අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ සංකල්පයකට අනුව  2023 වසරේදී ආරම්භ කළ මෙම කාර්ය සාධන ගිවිසුම් වලට එළඹීම අඛණ්ඩව 4 වන වරටත් මෙම වසරේදී ද ක්‍රියාත්මක කරන ලදී.  කාර්ය සාධන ගිවිසුම් වලට එළඹ ඒ අනුව කටයුතු කළ  ආයතන සියල්ලම පසුගිය වසර 3 තුළ ඉහළම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.

මෙහි දී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සියල්ලටම පසුගිය වසර වල දී ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කිරිමට හැකියාවක් ලැබුණේ නිවරදිව KPI අනුගමනය කිරීමෙන් බවත් එවැනිම වූ ඉහළ කාර්ය සාධනයක් මෙම වසරේදී ද සියලුම ආයතන වලින් බලාපොරොත්තු වන බවයි.

ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල රටේ පිහිටි ස්ථානය තීරණය කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරීන් බව පැවසූ ඇය රාජ්‍ය සේවය තුළ ඩිජිටල්කරණයේ අවශ්‍යතාවය අවධාරණය කළාය. මෙම වසරේ සිට සෑම මාස තුනකට වරක්ම කාර්ය සාධන ගිවිසුම් ඇගයීම සිදුකරමින් එහි ඵලදායිතාව වඩාත් ඉහළ නැංවීමට කටයුතු කරන බ වද තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන්, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website