විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිකුත් කළ 2026 නිදහස් දින පණිවිඩය

එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ගෙවී ගිය වසර 78ක කාලසීමාව තුළ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනාගැනීමට හැකි වී ඇති බවත් ඒවා පිළිබඳ වටහා ගනිමින් කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව වටහා ගතයුතු බවයි.

78 වන නිදහස් සැමරුමේදී බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website