දිස්ත්‍රික්ක 5කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (03) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනය

සබරගමුව පළාතේ සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද (03) රාත්‍රී 11 දක්වා මෙම නිවේදනය බලපැවත්වේ. එම ප්‍රදේශවල ජනතාවට මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් අදාළ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකිය.

May be an illustration of fire and text

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website