බාලවයස්කාර දැරියන් 36 දෙනෙකුට ලිංගික අතවර කර වීඩියෝ ගත කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 18 ට අඩු ළමුන් 36 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වන 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.

පේරාදෙණියේ පදිංචිකරුවෙකු වන සැකකරු මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූ ඩිජිටල් උපාංග පරීක්ෂා කිරීමේ දී, බාල වයස්කාර ළමුන් 36 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

විමර්ශනවලින් හෙළි වූයේ සැකකරු තවත් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව වින්දිතයින් සමඟ ඔහුගේ ලිංගික ක්‍රියාකාරකම්වල වීඩියෝ පටිගත කර ඇති බවයි.

වින්දිතයින් හඳුනා ගැනීම තෙක් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරු පැය 72ක් රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට පොලිසිය අදහස් කරන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website