සේවය අත්හිට වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා විසින් කතානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ මිතුන් ඩයස් මහතා ප්‍රකාශ කළේ පැමිණිල්ල රජයට එරෙහිව නොවන බවයි. චමින්ද කුලරත්න සහ කථානායක වික්‍රමරත්න අතර ඇති වූ පෞද්ගලික ගැටලුවක් හේතුවෙන් පැමිණිල්ල ගොනු කර ඇති බව ඔහු පැවසීය.
කථානායකවරයාගේ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ද පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.












