ජනවාරී 30 වන දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා පෙනී සිටි නීතිඥවරුන් දෙදෙනෙකු නඩු විභාගයෙන් අනතුරුව කාර් රථයකින් පිටව යන අවස්ථාවේ නුගේගොඩ ගම්සභා හන්දිය ආසන්නයේදී පිරිසක් කාර් රථයට මාර්ගය අවහිර කර මරණ තර්ජනය කරමින් වාහනයට පහරදී අනර්ථයක් සිදුකළ බව සඳහන් පැමිණිල්ලක් මිරිහාන පොලිස් ස්ථානයට වෙත ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති අතර 2026.02.01 වන දින අළුයම මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මාදම්පේ පොලිස් වසමේ කජුලන්දවත්ත ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අයුතු ජන රාශියක සාමාජිකයෙකුව සිටිමින් අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම සහ අනර්ථය යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 43ක් වන කජුලන්දවත්ත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නීතිඥ වෘත්තියට බාධා කිරීම සම්බන්ධව සියලු සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.












