බීඩිකොළ කිලෝග්‍රෑම් 668ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මීගමුව, තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 668 ක් අඩංගු උර 18 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කැබ් රථය සමග අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 52 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website