දෙහිවල හෝටල් හිමිකරුවෙකු ඝාතනය සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

පසුගිය ජනවාරී 09 වැනි දින දෙහිවල පොලිස් වසමේ හෝටලයක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කළ අපරාධයට හා 2025.12.12 දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් 2026.01.31 දින දෙහිවල දුම්රිපොල ආසන්යේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 730 ක් සැකකරුවන් සන්තකයේ තිබී ඇත.

සැකකරුවන් දෙදෙනාම වයස අවුරුදු 18 ක් වන බොරැලැස්ගමුව හා ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචි තරුණයන්ය.

විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම සැකකරුවන් අධාර අනුබල දීම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වෙඩිතැබීම් සිද්ධීන් දෙක සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website