විදේශීය සිගරැට් රැගෙන ඒම තහනම් – රේගු නීති දැඩි කරයි

විදේශයන් හි සිට පැමිණෙන ඕනෑම මගියෙකුට මෙරට තුළට සිගරට් රැගෙන ඒම දැඩි ලෙස තහනම් කර ඇති බවත් වැරදිකරුවන්ට නීතිය යටතේ දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇත බවත් ශ්‍රී ලංකා රේගුව යළි අවධාරණය කරයි.

මෙම දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම සඳහා සියලුම මගීන් තහනමට අනුකූල විය යුතු බව ශ්‍රී ලංකා රේගුව අවධාරණය කළේය.

මෙම නීති ප්‍රකාරව පසුගිය මාස හතර තුළ අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 305ක් වටිනා විදේශීය සිගරට් 232,804,000ක් ඊයේ (31) කෙරවලපිටිය අපද්‍රව්‍ය-බලශක්ති බලාගාරයේදී පුළුස්සා විනාශ කරන ලදී.

මෙම සිගරුට් තොගය දේශීය වෙළඳපොළට ඇතුළු වූවානම් රජයට රුපියල් මිලියන 271ක් අහිමි වීමට ඉඩ තිබුණ බව රේගුව පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website