ගොල්ෆේස් අරගල සමයේ හානි වූ නිවාස වෙනුවෙන් ‘සීමාව ඉක්මවා වන්දි ගැනීම: ගෝඨාභය ඇතුළු පිරිසකට නොතීසි

 අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධි හමුවේ සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානි වෙනුවෙන් නීතියට පටහැනි ලෙස වන්දි ලබා ගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික නීතිවේදියෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ විසින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට මෙම නඩුකරය සම්බන්ධ නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට අද (28) දැනුම් දුන්නේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ගිහාන් කුලතුංගගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් අල්විස් වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website