ධර්මන් වික්‍රමරත්න විසින් රචිත “දයා පතිරණගේ නොදන්නා පැත්ත” කෘතිය ඊයේ (21) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදැක්වුණේය.
මෙහිදී විශේෂ දේශනයක් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ප්‍රකාශ කළේය. “අපේ රටට දැන් යුක්තිය අවශ්‍යයි. සත්‍යය යටපත් කර යන ගමන හොඳ ගමනක් නොවේ. අපට තෝරා ගැනීමට ක්‍රම දෙකක් තිබේ. එක්කෝ අපි මේ අතීතය මෙතැනින් අවසන් කළ යුතුයි, සියල්ලන්ටම සමාව දිය යුතුයි, අත්අඩංගුවේ සිටින අය නිදහස් කළ යුතුයි, උතුරට සහ දකුණට සමාව දී ඉදිරියට යා යුතුයි. එසේ නොමැතිනම් අපි ප්‍රසිද්ධ පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි. කිසිවෙකුට දඬුවම් කිරීමට නොව, සිදුවූයේ කුමක්ද සහ ඇයි යන්න පිළිබඳව මධ්‍යස්ථ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. වසර 17ක් තිස්සේ වැළලී තිබූ සත්‍යය ලේඛනගත කර රටට හෙළි කළ ධර්මන් වික්‍රමරත්න මහතාට අපගේ ගෞරවනීය ස්තූතිය පුද කළ යුතුයි”








