ඊයේ (21) සවස පිටකොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොල අසලදී මගී ප්‍රවාහන බස් රථයකට පදික කාන්තාවක් ගැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර දැනට සිදුකරන ලද විමර්ශනයට අනුව යාචක කාන්තාවක් බවට අනාවරණය වී ඇත. බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.












