ඩුබාහි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් හා රජයේ මුදල් වංචා කළ කාන්තාවන් ලංකාවට රැගෙන එයි

රතු නිවේදන නිකුත් කර තිබූ විදේශ ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු සහ රජයේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකාරියක් ගුවන් මගින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද (16) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් භාරයට ගෙන ඇත.

ඩුබායි හි සැගවී සිටියදී ට අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30, 52 වයස්වල පසුවන අතර කඳාන සහ ඌරගමංහන්දිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකාරිය අවුරුදු 56ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා, මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කඳාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2025 ජූලි මස කඳාන ප්‍රදේශයේ කාර් රථයකට වෙඩි තබා සිදුකරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් හා සබැඳි ප්‍රධාන සැකකරු ලෙස මොහු හඳුනාගෙන තිබෙනවා. මොහු බරපතළ මිනීමැරුම්, අවි ආයුධ ළඟ තබා ගැනීම්, අවිආයුධ පරිහරණය, ඒ වගේම බරපතළ සංවිධානාත්මක අපරාධවලය සම්බන්ධ අයෙකු හැටියට අපි හඳුනාගෙන තියෙනවා. ඔහු අද දින කැලණිය අපරාධ කොට්ඨාසයට බාර දීමෙන් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා.

දෙවැනි සැකකරු හැටියට ඔහු දකුණු පළාත නියෝජනය කරමින් විශේෂයෙන්ම ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තියෙනවා.  මොහු දකුණු ප්‍රදේශයේ පාතාලය, සංවිධානාත්මක අපරාධ, බරපතළ මිනීමැරුම් අවි හා ආයුධ ළඟ තබා ගැනීම් වගේම බරපතළ අපරාධ සඳහා සම්බන්ධ වූ අයෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මොහුට ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙරටට රැගෙන ආවේ. ඔහු ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ෂන කටයුතු සිදු කෙරෙනවා.

අපි අත්අඩංගුවට සැකකාරිය ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය 2014 වසරේදී රාජ්‍ය මුදල් අවභාවිත වන සේ වංචා කිරීමේ සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කර සිටින සැකකාරියක් ඇයට කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව නිකුත් කර තිබූ රතු නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබුවා. ඇය ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් පසු ඇය පිළිබඳත් ඉදිරි නෛතික කටයුතු කරනවා.”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website