අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකුට තුවාල

වැලිගම පොලිස් වසමේ කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවට ඊයේ (14) රාත්‍රී කාලයේ වැලිගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 66ක් වූ හා තුවාලකරු වයස අවුරුදු 22ක් වන කොලේදන්ඩ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මරණකරු ඔහුගේ පුතා සමග ගවයින් ගැටගැසීම සඳහා ගොස් සිටියදී අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

විදුලි රැහැන අදින ලද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website