උසස් නිලතල පිළිබඳ කාරක සභාව නාමයෝජනා හතරක් අනුමත කරයි

නව තානාපතිවරුන් තිදෙනෙකු සහ නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා  වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ පත්වීමකටද උක්ත කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව පසුගියදා (ජන. 09) අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව, මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා පත්කිරීම සහ ස්විට්සර්ලන්තයේ නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක මහතා පත් කිරීම සඳහා වන නාම යෝජනාවලට උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් සිය අනුමතිය ලබාදී තිබේ.

එමෙන්ම, ඔස්ට්‍රියා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් මෙනවිය සහ රුමේනියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ මහතා පත්කිරීම සඳහා වන නාම යෝජනාවලටද එහිදී කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එයට අමතරව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කිරීමටද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website