සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රි ලංකාව අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (09) පැවැත්වීමට නියමිත තිබූ දෙවැනි 20-20 තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරඟය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබුණ ද වර්ෂාවෙන් ඇති වූ බාධා හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ උරගා බැලීමට හැකියාවක් නොලැබුණු බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසයි.














