නීති විරෝධී මත්පැන් විෂ වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (07) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරියන් දෙදෙනා ජනවාරී 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර, මෙහි ප්‍රධාන සැකකරු ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.
2026.01.06 වන දින වෙන්නප්පුව පොලිස් වසමේදී නීති විරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
සැකකරු වයස අවුරුදු 47 ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුවන් 05 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ හලාවත රෝහලේදී සිදු කර ඇති අතර ඇල්කොහොල් විෂ වීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී ඇත. අනෙක් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත රෝහලේදී 2026.01.08 වන අද දින සිදු කිරීමට නියමිතව ඇත. මත්පැන් පානය කර රෝගාතුර වූ තවත් පුද්ගලයින් 08 දෙනෙකු මීගමුව හා පේරාදෙනිය යන රෝහල් වල ප්‍රතිකාර ලබයි.












