හය වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුල අර්බුදය – වරදකරුට දඬුවම් කිරීමට පසුබට වන්නේ නැහැ – අගමැති හරිනි

හය වන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලයට වැරදි අන්තර්ගතයක් එකතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුවෙමින් පවතින බවත් වරදකරුට දඬුවම් කිරීමට පසුබට නොවන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය ගැන ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

“අපි නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කරනවා. මෙය සිදු වූයේ කෙසේද, වගකිව යුත්තේ කවුද සහ මෙයට හේතු මොනවාද යන්න අපටත් සොයා ගැනීමට අවශ්‍යයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නැහැ. හයවන ශ්‍රේණියේ සිසුන්ට ජනවාරි 21 වන දින සිට සංශෝධිත මොඩියුලය ලැබීමට නියමිතයි” ඇය වැඩි දුරටත් පැවසුවාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website