හිටපු අමාත්‍ය ජොන්ස්ටන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටී

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටියේය. ඔහු අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා සිටින බවට පොලිසිය මීට පෙර අනතුරු අඟවා තිබුණේය.

ලංකා සතොසට අයත් ලොරියක් අවභාවිතා කිරීම හේතුවෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු වූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී. එම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල මහතා ඊයේ (04) අත්අඩංගුවට ගත් අතර ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website