රථවාහන නීති උල්ලංඝනය කිරීම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වාදී තිබෙන ‘E-Traffic’යෙදුමට නව ක්‍රමවේද එක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
ඒ අනුව යම් පුද්ගලයෙකු නීති විරෝධීව වාහන පදවන්නේ නම් ඒ පිළිබඳ පදිකයෙකුට, මගියෙකුට හෝ රියදුරෙකුට මෙම ‘E-Traffic’යෙදුවුම මගින් කඩිනමින් පොලිස් මූලස්ථානය දැනුම්වත් කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.












