වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මේ බව සඳහන් කර තිබුණේය.

එම නිවේදනය පහත පළ වේ.

2025.01.16 වන දින මන්නාරම පොලිස් වසමේ මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මන්නාරම පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ලද තොරතුරක් මත මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) උදෑසන කාලයේ තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුළ සැඟව සිටි ඉහත අපරාධය සැලසුම් කළ ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් සමග හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මුරුන්කන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website