Accident Report: රට පුරා යතුරුපැදි අනතුරු හේතුවෙන් ජීවිත රැසක් අහිමි වෙයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

අනතුරක් ඔබ කිසි සේත් නොසිතන ආකාරයකින් සිදුවිය හැකි බැවින් ක්ෂණික නවතාගැනීමකට සූදානමින් පාලනය කරගත හැකි වේගයකින් රිය පදවන්න මතක තබාගන්න

May be an image of ‎motorcycle and ‎text that says '‎ACCIDENT REPORT READMORE READ MORE النحن අනතුරට ලක් වූ අකාරයවත් හරිහැටි නොදැන මරණය වැළඳගත් පුද්ගලයෙකු නොවෙන්න පාලනය කරගත හැකි වේගයකින් රිය පදවන්න SRILANKAPOLICE ICE RILANKA‎'‎‎

පසුගිය දින කිහිපයේ රට පුරා සිදු වූ යතූරු පැදි අනතරු සහ එයින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සම්බන්ධ වාර්තාවක් පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇත.

මෙම වාර්තාවේ පොලිස් මාධ්‍ය අංශය මෙසේ පවසයි, “අනතුරක් ඔබ කිසි සේත් නොසිතන ආකාරයකින් සිදුවිය හැකි බැවින් ක්ෂණික නවතාගැනීමකට සූදානමින් පාලනය කරගත හැකි වේගයකින් රිය පදවන්න මතක තබාගන්න”.

එම වාර්තාවට අනුව රට පුරා සිදු වූ අනතුරු මෙසේය,

පසුගිය 23 වැනිදා රාත්‍රී 08.30 ට පමණ යක්කල මහජන බැංකුව ඉදිරිපිටදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී සිදුවූ මාරක අනතුරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පදික පුද්ගලයා පසුගිය 26 දින රාත්‍රියේ මියගොස් ඇත. යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 37 හැවිරිදි පල්ලේවෙල, තෝරපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ඊයේ (27) උදෑසන පහලගම එල්ලාවල ප්‍රදේශයේදී පා පැදියක ගැටීමෙන් සිදුව ඇති මාරක අනතුරකින් තුවාල ලැබූ පාපැදිකරු එදින උදෑසන මියගොස් ඇත.

යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනාද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ. තිදෙනාම එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර යතුරුපැදිකරු 23 හැවිරිදි පුද්ගලයෙකි. මිය ගිය පාපැදිකරුගේ වයස අවුරුදු 78 ක් බව වාර්තා වේ.

පසුගිය 26 දින දහවල් ගිරිඋල්ල අතුරුවල ලී වෙළඳසැල ආසන්නයේදී යතුරුපැදිකරුවෙකු මාර්ගයේ ගමන් කල පදික කාන්තාවකගේ ගැටී සිදුව ඇති අනතුරින් ප්‍රතිකාර ලබමින් සිටි පදික කාන්තාව ඊයේ (27) අළුයම මියගොස් ඇත.

ඇය වයස අවුරුදු 67 ක් වන අතුරුවල වත්ත, දඹදෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. වයස අවුරුදු 68 ක් වන ඇටියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන යතුරුපැදිකරුද රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

පසුගිය 26 දින රාත්‍රී 08.30 ට පමණ කුලියාපිට මඩල්කුඹුර ප්‍රදේශයේදීද දෙදෙනෙක් ගමන්කළ යතුරුපැදියක් පාපාදියක ගැටී තුවාල ලැබූ පාපැදිකරුඊයේ 27 අළුයම රෝහලට ඇතුලත්කර සිටියදී මියගොස් ඇත.

මියගිය පාපැදිකරු 43 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. යතුරුපැදිකරු 47 හැවිරිදි අනුරාධපුර ලංකාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඉහත පරිදි 2025.12.25 වන දිනයේද යතුරුපැදි අනතුරු මගින් ජීවිත 05 ක් අහිමි වූ බව වාර්තා විය.

මූලාශ්‍රය – https://web.facebook.com/photo?fbid=1304995068319019&set=a.667652685386597

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website