2024.03.11 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී සිදු කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 28ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු ඊයේ (27) දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ අවියක් පොලිස් භාරයට ගෙන ඇත. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.












