හෙළයේ ගීත කෝකිලාවිය ‘ලතා වල්පොල’ දිවිසැරිය නිම කරයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 92 වන වියේ පසුවූවාය.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී, එනම් 12 වැනි වියේ පසු වූ දැරියක ලෙස එවක Redio Ceylon හි තම පළමු ගායනය ඉදිරිපත් කළාය.

ලතා වල්පොළ මහත්මිය ගීත 10,000කට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ගණනාවක් ද තිබීම විශේෂත්වයකි.

1953 වසරේ දී ‘එදා රෑ’ චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදී තිබේ.

‘රතුඉර’ අපි ලතා වල්පොල මහත්මියගේ අභාවය වෙනුවෙන් අපේ බලවත් ශෝකය පළ කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website