දිට්වාගෙන් අවතැන් වූ පුද්ගලයින් 35,139ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථානවල – තවත් පුද්ගලයින් 264,185ක් වෙනත් තැන්වල

පසුගිය දෙසැම්බර් 17 වැනි දින නිකුත් කළ තත්ත්වය වාර්තාවෙන් දින 10කට පසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (27) දින  දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාව යාවත් කාලීන කර ඇත. මෙම වාර්තාව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 638 දෙකකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 175 දෙනකු අද දින දක්වා අතරුදන්ව සිටී.

සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ පවුල් 151,774කට අයත් පුද්ගලයින් 510,744ක් අද දින වන විට වාර්තා වී ඇති අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 373ක පවුල් 10,659කට අයත් 35,139ක් අද දින දක්වා රැකවරණය ලබමින් සිටිති.ඥාතීන්, මිතුරන් සමඟ හෝ වෙනත් ස්ථානවල රැඳී සිටින අවතැන් වූ  පවුල් සංඛ්‍යාව 75,728ක් වන අතර ඔවුන් අතර 264,185 දෙනෙකු සිටිති.

ආපදා තත්ත්වයෙන් නිවාස 6121ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 114,252කි. අදාළ නිල වාර්තාව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website