සාමාන්‍ය ජනතාව බහුලව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩු කිරීමට ප්‍රමුඛතාවය දෙන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ රජයෙන් ඉල්ලා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ අඩු එන්ජින් ධාරිතාවක් සහිත මාදිලි සඳහා අදාළ වන බදු ව්‍යුහය සංශෝධනය කිරීමෙන් මෙම පියවර ගත හැකි බවයි.
මාස තුනක වාහන නිෂ්කාශන කාලය ඉක්මවීම සඳහා පනවා ඇති සියයට 3ක දඩයෙන් නිදහස් කිරීමක් සලකා බැලීම ඇතුළුව, ආනයන ආශ්‍රිත ඇතැම් කොන්දේසි ලිහිල් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
Alto, Wagon R, Yaris, Hustler වැනි මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයින් විසින් බොහෝ දුරට මිලදී ගන්නා මාදිලි ඇතුළුව 1,000cc කාණ්ඩයේ වාහන සඳහා බදු සහන අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
කුඩා හා ඉන්ධන කාර්යක්ෂම වාහනයක් වු වද, වැගන් ආර් රථයක බදු දැනට රුපියල් මිලියන 4 ක් පමණ වන බව මානගේ මහතා සඳහන් කළේය.
මෑත කාලීන ආපදා තත්ත්වය සහ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වාහන අලෙවිය තියුණු ලෙස පහත වැටී ඇති බවත්, බොහෝ ගනුදෙනුකරුවන්ට ඇණවුම් කිරීමෙන් පසු මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.















