අග්‍රාමාත්‍යවරිය සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර තීරණාත්මක හමුවක්

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ වන විට පැනනැඟී ඇති ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර තීරණාත්මක හමුවක් අද දින (22) ‘ඉසුරුපායේ’ දී පැවැත්විණි.

2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම නිසා ඇති වන ගැටලු වෘත්තීය සමිති සාමාජිකයන් විසින් මෙහි දී අග්‍රාමාත්‍යවරියට පෙන්වා දුන්හ.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන කොමිෂන් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ගත් සාමූහික තීරණයක් බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව පන්ති කාමරය තුළ සිදු කරන ඇගයීම් ක්‍රමවේදයේ දී ගුරුවරයාට ඇගයීම් කටයුතුත් සිසුන්ට අධ්‍යයන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු කිරීම සඳහාත් එක් කාලපරිච්ඡේදයක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍යවරි පැවසුවාය.

මෙම ප්‍රතිසංස්කරණ සිදුවන අතරතුර වෘත්තීය සමිති මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website