ප්‍රධාන වැව් හා ජලාශ 34ක් වාන් දමයි

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (19) උදෑසන 6ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. එම නිවේදනයට අනුව,

  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නාච්චාදූව, අංගමුව වැව,
  • මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ,
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය,
  • අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය

වාන් දමමින් තිබෙන ජලාශ අතර වේ.

කලා වැවේ වාන් දොරටු දෙක අඩි 6 බැගින් විවෘත කර තිබෙන අතර රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින් සහ තවත් වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

නාච්චාදූවේ වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ තවත් වාන් දොරටු 3ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර  අංගමුව ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සහන් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website