දිට්වා සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීමට අපොහොසත් වීම : විපක්ෂය කතානායකගෙන් කළ ඉල්ලීම

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා සූදානමක් නොමැති බවට එල්ල වන චෝදනා පිළිබඳව පුළුල් සමාලෝචනයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් විපක්ෂය විසින් අද (18) කථානායකවරයාට භාර දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු විසින් අත්සන් කරන ලද මෙම යෝජනාව මගින් රජයේ ප්‍රතිචාරය සහ සුළි කුණාටුවෙන් සිදුවන හානි අවම කිරීමට අපොහොසත් වීම මෙන්ම ව්‍යසනයට පෙර ක්‍රියාත්මක කරන ලද සූදානම් වීමේ පියවරවල ඵලදායීතාවය පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටී.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ජීවිත හානි, දේපළ හානි සහ සමස්ත මහජනතාවට ඇති වූ බලපෑම තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නොමැති බව විපක්ෂ මන්ත්‍රීවරු කථානායකවරයාට ඉදිරිපත් කළ ලිපියේ සඳහන් කළහ.

එබැවින්, ව්‍යසනයේ බලපෑම වැළැක්වීමට හෝ අවම කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් පැවැත්වීමට සහ වාර්තාවක් සම්පාදනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website