පාසැල් නිල ඇඳුම සහ වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට හෙට (16) සිට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති බස්රථ මඟින් පැසැල් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.
මේ වනවිට ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 99% පමණ හැකි උපරිමයෙන් යථාවත් කර ඇති බවත් අද (15) වන විට බස් රථ 4479 ක් ධාවනය සඳහා යොදවා ඇති බවත් දහවල් 12 වනවිට මිලියනක මඟින් ප්‍රමාණයක් ඔවුන්ගේ ගමනාන්තය කරා රැගෙන ගොස් ඇතැයි ලංගම සභාපතිවරයා පැවසුවේය.












