මාළිමාවට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය පරාජයට පත්වෙයි

පොහොට්ටු නියෝජ්‍ය නගරාධිපතිගේ ඡන්දයත් විපක්ෂයට

ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ 2026 අයවැය ලේඛනය අද (15) පරාජයට පත්විය.

අද පෙරවරුවේ  ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති සුනිල් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන රැස්විම පැවැත් වුණ අතර ඔහු 2026ට අදළ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළේය. ඊට පසුව පැවැති ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබුණේය. ඒ අනුව වැඩි ඡන්ද දෙකකින් අයවැය පරාජයට පත්විය.

එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ගාල්ල මහ නගර සභාවේ පාලනය පිහිටුවීමට ජාතික ජන බලවේගයට උපකාර කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිතා කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website