දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් 22,522කට අයත් පුද්ගලයින් 70,055ක් තවමත් ආරක්ෂිත මධ්‍යස්ථාන 762ක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (15) දින පෙරවරු 06.00ට නිකුත් කරන ලද තත්ත්ව වාර්තාව අනුව දිට්වා සුළි කුණාටුවෙන් මියගිය පිරිස 643ක් වන අතර පුද්ගලයින් 183 දෙනකු අතුරුදන් වූවන්ගේ ලේඛනයේ සිටිති. නව යාවත්කාලීන කිරීම අනුව පවුල් 468,472කට අයත් පුද්ගලයින් 16,28,017ක් පීඩාවට පත්ව ඇති අතර මේ වන තෙක් රැකවරණ මධ්‍යස්ථාන 762ක පවුල්  22,522කට අයත් පුද්ගලයින් 70,055ක් රැකවරණය ලබති. නිවාස 6176ක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර අර්ධ වශයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 95,213කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website