Industrial Disaster Support Center (IDSC): තොරුතුරු ලබාදිය හැකි අවසන් දිනය 16 වැනිදා

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් කර්මාන්ත සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සහා කකර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ විසින් ආරම්භ කර ඇති කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය / Industrial Disaster Support Center (IDSC) වෙත තොරතුරු ලබා දිය හැකි දින දෙසැම්බර් 16 වැනිදා අවසන් වේ.

ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712 666660″‌ යන දුරකථන අංකය සහ www.industry.gov.lk වෙබ් අඩවිය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඉල්ලීමක් කරයි.

මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුළත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැකිය.

අවශ්‍ය සහයෝගය විතට පත් කර්මාන්තකරුවන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව  සංවර්ධන  අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website