
කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය / Industrial Disaster Support Center (IDSC) වෙත 13 වැනිදා වන විට ඇතුළත් වී දත්ත ප්‍රමණාය නැතහොත් විමසීම් ප්‍රමාණය 13,698ක් බව ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ඒ ඊයේ (12) කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපාදාවට පත් කර්මාන්ත ගැන නිරීක්ෂණ කිරීම සඳහා කළ විශේෂ සංචාරය ගැන සිය මුහුණුපොතේ සටහනක් තබමිනි.
විපතට පත් කර්මාන්ත අතර ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර 5639ක්, සුළු පරිමාණ ව්‍යපාර 4636ක්, මධ්‍ය පරිමාණ ව්‍යපාර 2986ක් සහ මහා පරිමාණ ව්‍යපාර 437ක් වාර්තා වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනවත් කිරීමට “0712 666660″ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුළත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැකිය.
අවශ්‍ය සහයෝගය විතට පත් කර්මාන්තකරුවන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් ද ලබා ගත හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.















