වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් – ආබාධ සහිත සරසවි සිසුන්ට අමතර දීමනාවක්

විශ්වවිද්‍යාල කිහිපයක වෛද්‍ය පීඨ සඳහා ආබාධ සහිත සිසුන් ඇතුළත් කරගැනීමේ නියමු ව්‍යාපෘතියක් (Pilot study) ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.

විශ්වවිද්‍යාවල අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රුපියල් 5,000ක අමතර මාසික දීමනාවක් ද ලබාදීමට තීරණය කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩි දුරටත් පැවසුවේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ බව ප්‍රකාශ කළේ ආබාධ සහිත  තැනැත්තන්  සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව  අමාත්‍යාංශ කිහිපයක්  සමඟ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය  කළ සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  එම  සංසදය  පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී තව දුරටත් කරුණු පැහැදිලි කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙසේ ද පැවසූහ.

සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 25-50 බැගින් වෙන් කර ඇති අතර විශ්වවිද්‍යාල  සඳහා ස්ථිර සංඥා භාෂා පරිවර්තකවරුන් බඳවා ගැනීමටත්, හදිසි අනතුරු නිසා ආබාධිත වන සිසුන් හඳුනාගෙන ඔවුන්ට රෝද පුටු වැනි ආධාරක උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website