වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කළ බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.
මෙම සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේ අනුමැතිය හිමි වු බව ද, ඉන්පසු එම කැබිනට් පත්‍රිකාවට අනූව සංශෝධිත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 22 වන දා ගැසට් කළ බව ද අමාත්‍යවරයා පැවසුවේය
එම ගැසට් කරන ලද පරිසර පනත මැයි 06 වන දා පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.














