මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශ්වයක් අතට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (28) දිනයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව රැස්වී සාකච්ඡා කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
අදාළ සාකච්ඡාවේ දී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කාරක සභාව හමුවට කැදවීම සම්බන්ධයෙන් තීරණය කරන බව ද ඔහු පැවසුවේය.















