භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස අසල නව ජනතා පෙරමුණේ විරෝධතාවක්

‘නව ජනතා පෙරමුණේ’ ක්‍රියාකාරීන් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත අකුරේගොඩ පිහිටි මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල විරෝධතාවයක නිරත වූහ.

මහා භාණ්ඩාගාරයේ අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක ගිනුමකට බැර කිරීමේ සිද්ධියට විරෝධය පෑමක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කළ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසුවේ.

විරෝධතාවය අතරතුර, පුද්ගලයින් පිරිසක් සුගීෂ්වර බණ්ඩාර සහ තවත් පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකුට ගව ගොම විසි කළ විට දෙපාර්ශ්වය අතර ආතතිය උත්සන්න විය.

දෙපිරිස අතර තත්ත්වය උණුසුම් වෙත්ම පොලිසිය එම ස්ථානයට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website