අද (04) සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමා ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.
චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ සිදුවිය හැකි සංශෝධනයක් පිළිබඳව දෙමාපියන්ට කල්තියා දැනුම් දී ඇති බවයි.
“මැයි මාසයේදී ගාස්තු සංශෝධනය කිරීමට අපට සිදුවිය හැකි බව අපි ඔවුන්ට පවසා තිබූණා. පසුගිය සෙනසුරාදා ඉන්ධන මිල යළි ඉහළ ගියා. දිගින් දිගටම සිදුවන ඉන්ධන මිල ඉහළ දැමීම අපට තව දුරටත් දරා ගැනීමට නොහැකියි. ඒ නිසා අකමැත්තෙන් වුණත් අපට මේ තීන්දුව ගැනීමට සිදු වුණා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.
















