කසකස්තානය වැනි රටවලින් සැලකිය යුතු ලෙස අඩු මිලකට යූරියා ලබා ගැනීමේ විකල්පයක් ශ්‍රී ලංකාවට තිබියදීත් මැදපෙරදිග සැපයුම්කරුවන්ගෙන් වැඩි මිලකට රසායනික පොහොර ලබා ගැනීම තුළින් කන්නයකට ඇමරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍යමය පාඩුවක් සිදු කරන බවට ජාතික ගොවිජන එකමුතුව රජයට චෝදනා කරයි.
ජාතික ගොවි සංවිධාන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ, මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 200-300ක් පමණ මිලකට යූරියා පොහොර සැපයීමට කසකස්තානය කැමැත්තෙන් සිටින බව විශ්වාසදායක මූලාශ්‍රවලින් දැන ගන්න ලැබුණ බවයි.
“අපට එවැනි වාසිදායක තත්ත්වයක් තිබියදීත් අපි ඕමානය වැනි රටවලින් ඇමරිකානු ඩොලර් 500 ත් 800 ත් අතර මිලකට මිලදී ගන්නවා,” ඔහු පැවසීය.
මෙම මිල වෙනස සැලකිය යුතු මූල්‍යමය අලාභයක් ඇති කරන බව ඔහු කියා සිටියේය.
“රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 50,000ක් පමණ වෙනවා. ඒ හරහා මේ කන්නයකට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ පාඩුවක් වෙනවා” ඔහු පැවසුවේය.
කසකස්තානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමට සහ වඩාත් ලාභදායී සැපයුම් විධිවිධානයක් ලබා ගැනීමට ද තෙන්නකෝන් රජයෙන් ඉල්ලා සිටියේය. ” ශ්‍රී ලංකාවව කඩිනමින් එවැනි ගිවිසුමකට එළඹුනහොත්, ගොවීන්ට කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 7,000 ත් 9,000 ත් අතර මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබෙනවා” ඔහු පැවසීය.
















