

2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට සිය පළමු රන් පදක්කම හිමිකර දෙමින්, ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ධර්මදාස කාන්තා කිලෝග්‍රෑම් 50 කාණ්ඩයේ ජයග්‍රහණය ලබා ගත්තාය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන නිපුනි අවසන් තරඟයේදී වියට්නාම ක්‍රීඩිකා Doan Thi Kim Oanh පරාජය කළාය.
නිපුනි විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය චීනයේ දැනට පැවැත්වෙන 2026 ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලැබූ පළමු රන් පදක්කම ද වේ.
මේ වන විට ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා උළෙලේදී මුළු පදක්කම් හතක් දිනා ඇති අතර, වෙරළ මලල ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් මෙන්ම වෙරළ කබඩි ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ද ඒ අතර තිබේ.

චීනය රන් පදක්කම් 21 ක් සමඟින් පෙරමුණ ගෙන සිටින අතර, තායිලන්තය නවයක් සහ ඉරානය හතරක් සමඟින් දෙවන ස්ථානයේ සිටී.














